Pages

Monday, October 15, 2012

රංජි



ඔහුගේ නම අප දැන සිටියේ නැත. සියල්ලන් ඔහු ඇමතුවේ රංජි යන නමිනි. ප්‍රදේශයේ බොහෝ නිවෙස් වලට රංජි නැතිවම බැරි චරිතයක් විය. වතු පිටි එළි කිරීම්, ගෙබිම් කැපීම් ආදී පවරන ලද ඕනෑම කුලී වැඩක් කිරීමෙන් රංජි දරුවන් පස් දෙනෙකුගෙන් යුත් තම පවුල රැක ගත්තේ ය.

විශාල බෑවුම් සහිත වූ මගේ නිවස පිහිටි ඉඩම මුළුමනින් ම සමතලා කරන ලද්දේ රංජි විසිනි. කිසි දිනෙක පීරන බවක් නො පෙණෙන රැළි ගැසුණු දුඹුරුවන් හිස කෙසින් ද, බුලත් සැපීමෙන් ම කළු ගැසී ගිය කැඩුණු දත් දෙපෙළකින් ද යුතු වූ ඔහු, ලණු පොටකින් ගැට ගසාගත් කොට කලිසමක් (එය ද කොහෙන්දෝ ලැබුණු දිග කලිසමක කකුල් කපා සාදා ගත්තකි.) හැඳ තම වැඩ කොටස අරඹයි. දවස පුරා තම ගත වෙහෙස කරවූව ද, සැම විටම අහිංසක සිනහවකින් ඔහුගේ මුව සැරසී තිබිණ. විහිළු තහළු හා මුකරි කතා වලින් ඔහු සිය වෙහෙස නිවා ගත්තේ ය. කැලෑ වැවුණු ඉඩමක් එළි කිරීමට යන ඔහු ආපසු එන්නේ කැලයට වැඩුණු, කෑමට ගත හැකි සියළු දේ එකතු කරගෙන ය. ඒ අතර කිරි අල, මඤ්ඤොක්කා දළු, පෙනෙළ වැල්, කෙසෙල් මුව ආදී නොයෙක් දේ වෙයි. "මේවා රංජි ගෙනියන්න" යැයි ඉඩම අයිතිකරු පවසන පමාවෙන් ඔහු ඒ සියල්ල පරණ පෝර උරයක බහාගෙන වහා තම පැ පැදියේ ගැට ගසා ගන්නේ නිවෙසේ තමා වෙනුවෙන් බලා සිටිනා දරු පැටවුන් වෙත ගෙන යාමට ය.

රංජි අප නිවසේ අවසන් වරට වැඩ කළේ මීට වසර දෙකකට පමණ ඉහත දී ය. ඒ වැසි සහිත කාලයක් විය. එකල රංජිගේ කකුලෙහි විශාල තුවාලයක් විය. ඊට නිසි බෙහෙතක් කර ගැනීමට වත්කමක් නොවුණු හෙයින් ද, දිනක විවේකයක් යනු සත් දෙනෙකුගේ තුන් වේලක කුසගින්දරක් වන හෙයින් ද, ගොඩ වෙදකම් ලත් තුවාලය පැසවමින් තිබිණ. මහ වර්ෂාවේ පස් කැපීම නිසා තුවාලය තව දුරටත් නරක අතට හැරෙමින් තිබිණ. පසුව තාත්තාගේ මැදිහත් වීමෙන් ඔහු දොස්තර මහතකු වෙත ගෙන ගොස් බෙහෙත් ලබා දී දින කිහිපයක් පවුලේ නඩත්තුවට වියදම් සැපයීමෙන් ටික දිනකින් ඔහුගේ තුවාලය සුව විය. ඉන් පසුව ආ සිංහල අලුත් අවුරුද්දට රංජි ඉස්ඉස්සෙල්ලාම පැමිණියේ අපේ ගෙදර ය. ඒ වන විට ඔහුගේ කකුලේ තුවාලයක කැළලක් හෝ නො වුණු නමුත් වරින් වර කකුල හිරි වැටෙන ස්වභාවයක් ඇති බව රංජි අප හා පැවසීය.

තවත් වසරක් පමණ ගෙවී ගියේ ය. හදිසියේ අසන්නට ලැබුණු පුවතින් අපි කම්පනයට පත් වීමු. රංජි කොස් කඩන්නට ගසකට නැඟි විටෙක එයින් වැටී මිය ගොස් ඇත. කකුලේ තිබූ හිරිවැටීම ඇතැම් විට එයට හේතු වන්නට ඇත. ගම් වැසියන්ගේ ද සහයෝගය ඇති ව අවසන් කටයුතු චාම් ලෙස පැවැත්විණි.

මෙසේ තවත් කාලයක් ගත විය. හදිසියේ ම ඊයේ රංජිගේ බිරිඳ හා එක් පුතෙක් අප නිවෙසට පැමිණියහ. අම්මාත් මමත් සිටියේ දිවා ආහාරය පිළියෙළ කරමිනි. අමුත්තන්ට තේ කෝප්පයක් පිළිගන්වා ආ ගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරු ව, රංජිගේ බිරිඳ තමා පැමිණි කාරණාවට පිළිපන්න ය.
"නෝනා, ලමයින්ට කන්න දෙන්න විදියක් නෑ. කීයක් හරි ඉල්ලගෙන යන්නයි ආවෙ!"

මා කෙරෙහි ම ඇති වූ පිළිකුල් සහගත බවක්, ශෝකයක් හා කෝපයක් සිත තුළ තෙරපී එකිනෙක හා පොර බදන්නට විය. ලෝකය පුදුමාකාර ය. රංජි ජීවත් ව සිටින තෙක් ඔහුගේ සේවය පැතූ සියළු පිරිස් අද නිහඬ ය. මම ද පුදුමාකාර ය. මම ද එවන් වූ ලෝකයක තවත් එක් අයෙක් බවට පත් ව ඇත.

සවස් වරුවේ දී කලමනා ගෙනැවිත් දෙන පොරොන්දුව පිට, දවාලට යමක් පිස ගැනීමට ප්‍රමාණවත් ලෙස හාල්, පරිප්පු, පොල් ආදිය ලබා දී අපි ඔවුන් පිටත් කළෙමු. සවස අපි එම නිවෙසට යද්දී, ප්ලාස්ටික් පිඟානකට බත් හා පරිප්පු අනා ගත් අවුරුදු හතරක පමණ කොලු පැටියෙක් "ඩෝසරේ දීපු අක්කා ඇවිල්ලා" කියමින් මා වෙත දිව ආයේ ය. ඇසට නැඟුණ කඳුල මැඬගැනීම කරමක් අපහසු වූයේ, ඒ දරුවාට වරෙක මම ඩෝසරයක් දුන් බව පමණක් ම නොව, එම දරුවන්නේ පැවැත්ම පිළිබඳ ව පවා මගේ සිතින් ගිලිහී යාම පිළිබඳ ව මා ගැන ම උපන් කළකිරීම නිසා ය.

දවස පුරා වෙහෙස වීම නිසා අම්මා අතින් සිදුවන මඟහැරීම්වලින් කෑම රසවත් නො වීම නිසාත්, කො තරම් කන්න ආසා නැතැයි කීවත් හැමදාම හදන වම්බටු හොද්ද නිසාත් බත්පත අතට ගන්නා ඇතැම් විටෙක දුකක් හා සියුම් කෝපයක් මුසු හැඟීමක් ඇති වුව ද, මින් මතුවට ඒ සෑම මොහොතක ම අර අසරණ කොලු පැටවුන්ගේ අහිංසක දෑස් මා දෙනෙත් අභියස හොල්මන් කරනු ඇත.


Monday, March 5, 2012

දුන්න කැඩුවෙ කවුද අහනව!


අධ්‍යාපනය පිළිබඳ හාස්‍යයට කරුණක් මතු කරමින් 'ජුවානිස්ගේ අපේ කතා' නමින් මූලාශ්‍රය පැහැදිලිව සටහන් නොවූ කතාවක් ෆේස්බුක් හි පලවී තිබෙනු දුටිමි. ඒ පිළිබඳ කිසිවක් නො ලියා සිටින්නට හිත හදාගන්නටම නො හැකි වූ හෙයින් මෙසේ ලියමි.
අනුන් ඇස ඇති පොල් කෙන්ද දකින්නන් තමන් ඇස ඇති පොල් පරාලය නොදකින්නේයැ යි කියන්නේ මෙවන් ඒවාටය.
මෙම ලිපිය කියවන්නට පළමුව මේ සඳහා වස්තු වූ පහත උපුටා ගැන්ම කියවා සිටින මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.



කවුද රාවණාගෙ දුන්න කැඩුවෙ?
කවුද හැබෑටම?
අනේ මම නම් නො දනිමි. මම නම් රාවණාගේ දුන්නක් කැඩූ අයෙක් පිළිබඳ ඉතිහාස කතාවක් අසා නැත්තෙමි. නමුත් සීතා කුමරියගේ පිය රජතුමා වූ ජනක රජු තම දියණියට සුදුසු ස්වාමියෙක් තේරීම පිණිස ශිව දෙවියන් වෙතින් ඔහුට භාර ව තිබූ දුන්නක් එසවීමට හැකියාව ඇත්තෙකු සෙවූ බව අසා ඇත්තෙමි. තව ද එහිදී එම දුන්න එසවීමට හැකි වූයේ රාම කුමරුන්ට පමණක් බවත්, ඔහු එය එසවීමෙන් නො නැවතී දෙව් ලොව සලිත කරවමින් එය දෙ කඩ කළ බවත් අසා ඇත්තෙමි. ඒ හැර රාවණා රජුගේ දුන්නක් ගැන නම් මම අසා නැත්තෙමි.
හාස්‍යය හොඳ ය. හාස්‍යය පිණිස පළ කරන ඒවා කියවා මැක්සා, පට්ට, එළ යැයි විවේචන දැමීමද හොඳ ය. නමුත් සිසුවා, ගුරුවරයා, විදුහල්පතිතුමා හා අධ්‍යාපන අමාත්‍යාංශය ද හාස්‍යයට ලක් කරමින් දොඩවන ජුවානිස් ද දුන්න කාගේ දැයි නො දැනීම නම් හාස්‍යයට කෙසේ වෙතත් කණගාටුවට කරුණක්ම වන්නේ ය.




Friday, December 2, 2011

සේකරට හිතුණු හැටි - මට දැනුණු හැටි


මළ හිරු බසිනා සැන්දෑ යාමේ...




වසන්තයේ මල් පොකුරු නෙලාලා...




හිනාවෙයන් කලු හිනාවෙයන්...




Tuesday, November 29, 2011

Well... Gems ARE supposed to be hidden!


It is always good to travel by bus!

Once you step into a bus, you meet a whole lot of people with various appearances, various smells, various interests and various mindsets. Although at times it is somewhat painful to bear the experience, sometimes it is like a school, where there are so much to learn.

I thought of making a note of an incident happened while I was on my way to office. The bus I was coming was not that much crowded, except at the doors. The conductor was telling (he was not shouting) the passengers to move front, so that more people can get on. There was an old gentleman standing near the back door and he refused to move to the front and started yelling at the conductor. I thought a fight might start, as it is the common scenario to be expected. But I was quite shocked to hear the answer of the conductor as I never expected such a response.

"මහත්තයා, ඉස්සරහට යන්න බැරි නම් ඔහොම ඉන්න. කේන්ති ගන්න එපා. උදේ පාන්දර කේන්ති ගත්තම දවසම ඔය කේන්තියෙන්මනෙ ඉන්න වෙන්නෙ"

("Sir, if you don't want to move forward, stay there. Do not get angry. If you are angry so early in the morning, you will have to spend the whole day with that anger.")

He said calmly!

At that moment I realized, the best lessons of life are not found in literature, but in the lives of the most ignored members of the society.



It is true that people differ from each other
like the fingers of the hand.
But
the fact that there exist people of this type
is certainly a bliss.


Thursday, September 1, 2011

කෑල්ල

මම පුංචි කාලෙ මෙන්න මෙහෙම කතාවක් අහල තියෙනව මතකයි.

"මනුස්සයාව මැවුවෙ දෙවියන් වහන්සේලුනේ. ඒ මවද්දි මැව්වෙ පිරිමියා හා ගැහැණිය
කියලා දෙන්නෙක් නෙමෙයිලු. ඒ දෙන්නම එකට එකතු වුණු එක රූපයක්ලු. කාලය ගත වෙද්දි ඒ රූපෙ මුහුණත් දෙක කොයිවෙලෙත් රණ්ඩු කරගන්නවලු. දෙවියන් වහන්සෙට නිදහසක් නැති වුණාලු හැම තිස්සෙම රණ්ඩු බේරන්න සිද්ධ වුණු නිසා. ඉවසල ඉවසල බැරිම තැන දෙවියන් වහන්සේ ඒ මුහුණත් දෙක දෙකට වෙන් කළාලු ගැහැණියයි පිරිමියායි කියලා. කෝකටත් කියලා ඉදිරියට වෙන්න තියෙන කරදර මගහරව ගන්නත් එක්ක ඒ මුහුණත් දෙකත් සමමිතිකව බෙදෙන්න ඉරක් ඇඳලා දෙවියන් වහන්සෙ කිවුවලු ආයෙමත් ආරවුල් ඇති කරගත්තොත් තොපි ව මෙන්න මේ ඉර දිගේ තමයි ඊළඟට පලන්නෙ කියල. ඒත් ඒ මුහුණත් දෙක එහෙම වෙන් කළාට පස්සෙ එයාලට අනික් මුහුණතේ අඩුව තදින් දැනෙන්න පටන් ගත්තලු. ඒ ගමන තමයිලු හැම කෙනාම තමන්ගෙ අනික් මුහුණත හොයා ගන්න වෙහෙසෙන්නෙ."

සිංහලයේ අවිවාහක පුද්ගලයන් සම්බන්ධ ව යෙදෙන වචනයක් තමයි තනිකඩ කියලා කියන්නෙ. කඩ කියලා හඳුන්වන්නෙ කෑල්ල කියන අදහස නිසා පුංචි කාලෙ මට හිතුණා දෙවියන් වහන්සේ අර මිනිසා දෙකඩ කළ කතාව ඇත්තක්මයි කියලා.

මේ කතාව මගෙ හිතට ආයෙමත් ආවෙ පහුගිය දවසක නොයෙක් සත්තුන්ගෙ ගෑණු සතාගෙ නම ගැන ඇති වුණු කතා බහකදි. එතනදි කතා වුණු එක දෙයක් තමයි මාළුවගෙ ගැණු සතා මාලු කෑල්ල කියන එක. මාළුවගෙ ගැණු සතාට මේ නම ලැබිලා තියෙන්නෙ සමහර වෙලාවට ගෑණු ළමයින්ට කෑල්ල කියලා යෙදෙන ව්‍යවහාරය හින්දා. මේ යෙදීම ඇතැම් විට අශීලාචාර හෝ නොහොබිනා ලෙස සැළකුණත්, මුළින් කී කාරණා එක්ක සලකලා බලද්දි ඒකෙ අමුතු රසයකුත් තියෙනව කියල වෙලාවකට හිතෙනව. ඒත් ඉතින් ඒ රසය එක කෑල්ලකට විතරක් නෙමෙයි, අනිත් කෑල්ලටත් වලංගුයි කියල 'මට හිතෙන හැටි' කියවන අයත් හිතුවොත් තමයි හොඳ!


Friday, August 26, 2011

How to change the world!


Few years ago, I was disappointed of the world, its creatures and their behaviors. With teary eyes, once I was telling a friend that how bad the world has acted upon me. Hearing all my accuses to the world, all he told me was "Be the change you wish to see in the world!". I spent some time thinking of it. I wrote it on a wall of my room, as it helped me to stay on my feet when the world turned its back on me. Later on I got to know that it is not something my friend told me himself, but a quote by Sir Mohandas Gandhi. No matter who told it, knowing that really helped me in getting through hard times.

After some time, suddenly this quote came to my head again. I was testing myself to check whether I realize the meaning of it. For so long, what I realized was; "I will change myself. if everybody does it, then the whole world would be changed." But for some reason today I felt like this is not going to work. Either what I had understood is not what it really meant or may be my perception of the world may be incorrect. But I think its worthwhile mentioning, since what is mentioned here is what I feel.

"Be the change you wish to see in the world!"

According to what I had realized up to now, if someone does not wish to get hurt, he must not hurt the others. Obviously, anyone other than a utter selfish fool will realize this and act that way. Though I am not trying to be mathematical here, I must mention that the issue comes with the question; 'What is the measure of hurt?' Considering the human mentality, the intensity of the feelings differ from person to person. What may hurt someone may not hurt another, hence the unhurt person may never realize that there is something to be changed within himself. There is a level of consciousness that comes along with ones birth and that level may be improved by a small fraction when that person continues to live in the society. Although it is possible to teach someone how to think or how to build a logical concept, unfortunately, it is impossible to teach someone how to feel. One has to realize it himself and nothing can be done regarding the dizzy part of his consciousness.

Thinking and writing this way, I sure may have hundreds, thousands or millions of unrealized facts within myself. Badly I am also one of the creatures on the earth. According to the level of my consciousness and knowledge, there is only one way to deal with the world which someone expects to be changed. That someone is got to realize that it is not going to work until he realizes that he has to change himself to accept that the world is what it is and it is out of his control. As long as he understands his limits and the un-limitedness of the world, he may never want the world to be changed. The path to peace is not the change of the world, but to realize its un-controllable nature and to show mercy on those who has not got enough ‘karma shakthi’ to realize what others feel!


Monday, June 27, 2011

Thank God!





When I was little, my mother was telling me that there is some god out there to keep an eye on me, to look after me and to protect me from danger. At that time, the feeling of the existance of that god was so dear to me. Later on when I started learning so called various modern sciences, I started to realize that it was just a crazy idea of her to cheer me up.
"How can there be an invisible god!"
and it started to sound funny to me.

Now, having spent possibly about one third or more of my life, I really feel the existance of that god somewhere, who has kept an eye on me, looked after me and protected me from danger, at least at the last moment before I collapse!

No matter where he is...
No matter who he is...
All I want to say is...

Thank god!




Friday, June 17, 2011

මරණය දැක...



සියල්ල නිසලය. මට පෙණුනේ ඝන අන්ධකාරය පමණි. එ වන් වූ දැඩි නිහඬ බවක් මා මතකයේ නැත. දෑස් හරවා බැලිය හැකි මානයේ අංශු මාත්‍රීය හෝ ආලෝකයක් නො වීය. අවට පිරික්සා බැලීමට තරම් උවමනාවක්ද මට නොවූයෙන් මම නිසලව වැතිර හුන්නෙමි.

නොපැහැදිලි වූ සිහින් මුණු මුණු හඬක් කන වැකෙත් ම, සැලකිය යුතු කාලයක් මා එසේ වැතිර හිඳ ඇති බව මට දැනෙන්නට විය. හඬවල් එකිනෙක වඩා පැහැදිලි වන විට ඒවා හුරු සමීප බවක් දැණුන මුත්, ඒවා මොනවාදැයි කීමට අපොහොසත්ව මම නිසලව වැතිර හුන්නෙමි.

කෙමෙන් කෙමෙන් සිරුර තුළ වේදනාවක් හට ගනු මට දැණින. විෂ අම්ලයකින් පිළිස්සෙන්නාක් මෙන් වූ ඒ වේදනාව ඒ මොහොතේ හටගත්තක් නොව පෙර පටන් පැවතිය මුත් ක්ෂණිකව මට දැනෙන්නට පටන් ගත්තක් බව මට පසුව වැටහිණි. එමගින් මා කෙතරම් පීඩාවට ලක් කළ ද ඉන් මිදීමට මට කළ හැකි කිසිවක් නො වීය. නැත. කිසිවක් කිරීමට තරම් මට උවමනාවක් නොවීය. මම නිසලව වැතිර හුන්නෙමි.

නොපැහැදිලි ඝෝෂාව අතරින් සිහින් හඬක් නැග එයි. එය අනෙක් හඬවල් අතරින් ඉස්මතු ව මා සවනත වැටෙයි. ඒ හඬ වෙසෙස් ය. මට වඩාත් සමීප ය. එහෙත් එය කුමක්දැයි නියත ව කීමට මම නොදනිමි. මා සිරුර මඳ එසවීමකට ලක් විය. ඒ සමඟ ම සුවදායක උණුසුමක් මා වටා පැතිර ගියේය. පෙර ඇසුණු සිහින් හඬ මට වඩ වඩාත් ළඟින් ඇසෙමින් මා සිතට සුව එළවීය. මෙසේ කාලය ගෙවී යන්නට ඇත. මම නිසලව වැතිර හුන්නෙමි.

මා අසළ වූ උණුසුම් වස්තුවෙන් නැඟෙන සිහින් ගැස්මක් මට කෙමෙන් දැනෙන්නට විය. මඳින් මඳ අවටින් ඇසුණු හඬවල් තීව්‍ර විය. පැහැදිලි විය. මා හද නො සන්සුන් විය. සිරුර චලනය කිරීමේ දැඩි ආශාවක් හා අවට වූ ශබ්ධයන්ගේ මූලය සෙවීමට දැඩි කුතුහලයක් මා පෙළන්නට විය. ක්ෂණයකින් ම සිත කලබලකාරී විය. සිතිවිලි ඕඝයක් සිත තුළ මහත් තෙරපුමක් ඇති කළේය. අවට පරිසරයේ ද කලබලකාරී බව වැඩි වනු මට දැණින. ඒ කලබලය අභිබවමින් මා අසළ වූ සිහින් ගැස්ම ඉස්මතු වන'යුරු මට දැණින. ඒ ගැස්ම මට හුරු ය. කුඩා ජීවියෙකු ව මවු කුසක සිර වී සිටි යුගයකදී ද මෙ වන් ගැස්මක් මට හුරු ව තිබිණි.
එය සැබෑ ය. මේ ගැස්ම ද එයම ය.
"අම්මා"
මම යළි පැමිණියෙමි!


Wednesday, February 2, 2011

උණුසුම් වැස්ස




මම දවසේ වැඩ නිමා වී නිවෙස බලා ගමන් ගනිමින් සිටියෙමි. සීත සුළඟ හා මුසු ව ඇද හැළුණු අකල් වැස්ස මහත් ඝෝෂාවක් නඟමින් තිබිණි. බස් රියෙහි කවුළු අතරින් ඉහිරුණු වැසි දියත්, අවට සිටියවුන්ගේ තෙතබත් වූ ඇඳුමින් වැගිරුණු දිය බිඳුත්, ධාරානිපාත වර්ෂාව හමුවෙහි මා පැරදවීමට ගත් උත්සාහය සඵල වෙමින් පැවතිණි.

වේලාව රාත්‍රී අට පමණ වන්නට ඇත. නිවෙස් බලා දිවෙන දිගු වාහන පෝළිම දැඩි වර්ෂාව හේතුවෙන් තව තවත් මන්දගාමී විය. නිවෙසට ගොස් උණුසුම් කෝපි කෝප්පයක් රස විඳිමින් සීතල මඟ හරවා ගැනීමට තවත් හෝරා කීයක් ගතවේ දැයි මම ලතැවෙමින් සිටියෙමි.


ඒ වන විට බස් රිය වැව පසු කරමින් තිබිණ. වාහන තදබදය යනු කෙතරම් අප්‍රියජනක අත්දැකීමක් වුව ද, වැව අසළ වාහන තදබදයට මම කැමැත්තෙමි. මක් නිසාද යත්, වැව් තෙරෙහි නිතැතින් මැවෙන චමත්කාරජනක දර්ශන විඳීමට එය මට ඉඩ සලසන හෙයිනි. දිය නෑම පිණිස වඩිනා හස්තීන් ද කෙටි කලකට කඳවුරු බැඳගන්නා අහිකුන්ඨික ජන කණ්ඩායම්ද වැව් තෙරට මහත් අසිරියක් එක් කරන නමුත්, මෙවන් කටුක වර්ෂාවක් ඇති රැයක එවැනි අසිරියක් මම අපේක්ෂා නොකළෙමි. අනපේක්ෂිත දසුනින් විමතියට පත් මම වැසි නොතකා කවුළුව මඳක් විවර කළෙමි.

වැව් ඉවුරෙහි වූ රුක් අත්තන ගස පාමුල වූ බංකුවක දෙදෙනෙක් සිටියෝය.
පියෙක් සහ පුතෙක්...
ඇද හැලෙන මුරුගසන් වරුසාවෙන් වසන් වීමට ඝනව වැඩුණු රුක් අත්තන ගස පාමුල පියෙක් තම දරුවා සඟවාගෙන සිටියේය. තම පියාගේ ලයට තුරුළුව සිටි දරුවා වරින් වර හිස ඔසවා තම පියා වෙත හුරතල් සිනාවෙන් යමක් පැවසීය. තම පියාගේ ආදරය නම් සෙවිල්ලෙන් සැනහුණු ඒ කුඩා දරුවාගේ සිනහවත්, අසීමිත වූ පිතු සෙනෙහසක මහිමයත් අමෝරා වැස්සක් මැද ම හදට උණුසුමක් එක් කළේය.

Tuesday, January 11, 2011

නෙල්ලි



හුඟක් කාලෙකට පස්සෙ අම්මා නෙල්ලි ගෙනැත් තිබුණා. නෙල්ලිවලට ඒ තරම් කැමැත්තක් නැති වුණත් මම අද උදේ නෙල්ලි ගෙඩියක් කටේ දාගත්තා. නෙල්ලි ගෙඩියටම විශේෂ වුණු තිත්ත, ඇඹුල, කහට ගතිය එක්ක මුසු වුණ හීන් පැණි රස හැමදාමත් වගේ මට දැනුණා.

නෙල්ලි ගෙඩිය කාලා ඉවර වුණත් ඒ හීන් පැණි රස ගොඩක් වෙලා මට දැනි දැනී තිබුණා. කලින් දැනුණු තිත්ත, ඇඹුල, කහට ගතිය ඒ තරම් වෙලාවක් රැඳුණෙ නෑ.


බස් එකේ සෙනග අතරෙ තෙරපි තෙරපි කන්තෝරුවට එද්දි මට කල්පනා වුණේ ජීවිතෙත් හරියට නෙල්ලි වගේ නේද කියල...
අමිහිරි රසයන් ගොඩකින් පිරුණත් ඒ හැම දෙයක්ම ජයගෙන අවසානයක් දැක්කම ජීවිතේ සොඳුරු බව විතරක් ඉතිරි වෙනව නේද කියල...


Thursday, December 23, 2010

හතරැස්



මම හතරැස් ගොඩනැගිල්ලක් තුළ වූ හතරැස් ශාලාවක කෙළවරකට ආසන්
නව තබන ලද හතරැස් මේසයක් අසළ හිඳ මේසය මත වූ පරිගණකයේ හතරැස් තිරය දෙස නෙත් යොමා සිටිමි. නො නවත්වා එදෙස බලා හිඳීම දෙනෙතට වේදනා ගෙනෙයි. එහෙයින් හිස ඔසවා ඉදිරිය බලමි.



හතරැස් තීරු වලින් සැදුම් ලත් තිරය, පිටස්තර ලොව ගෙන් සඟයි. තිරය ම පතිත වන දීප්තිමත් ආලෝකයක් හි වූ සියුම් හතරැස් මෝස්තරය ඉස්මතු කරයි. වායු සමන යන්ත්‍රයෙන් නිකුත් වන සුළං දහරින් මඳ ශයෙන් සැලෙන තිරය මත නටනා හතරැස් නොවන සෙවනැලි සමූහයක් මා නෙත ගැටෙයි. ඒ කුමක්දැයි දකිනු රිසියෙන් තිරය මඳක් මෑත් කොට බලමි.


නැගෙන හිරුගේ කාන්තිමත් රශ්මිය ම සිතට ප්‍රබෝධයක් ගෙනෙයි...
අතු පතර විහිදුණු අඹ ගසෙක කෙළින ලේන පැටවුන් ම සිතට සතුටක් ගෙනෙයි...
මඳ සුළඟට කීකරුව සැලෙන උණ පඳුර ම සිතට සැහැල්ලුවක් ගෙනෙයි...

හතරැස් කවුළුවෙන් එපිට ලෝකය කෙතරම් හැඩකාරදැයි මට සිතෙයි!



Tuesday, December 14, 2010

'මමත්වය' යනු...




මම 'මම' ගැන සිතමි. මම යන චරිතය කෙතරම් සංකීර්ණ එකක් දැයි මට හැඟුණේ එවිටය. 'මම' යන පුද්ගලයා අනන්‍ය වශයෙන් හඳුන්වා දීමට මම මගක් සොයමි.

මම මෙවන් නමක් ඇති, මෙවන් රුවක් ඇති පුද්ගලයකු යැයි මා හඳුන්වා දීම නොහොබී යැයි මම හඟිමි. ඒ, නමින් මා නොහඳුනන අය සිටින නිසා හෝ මා රුව එතරම් ආකර්ශණීය නොවන නිසාම නොව, අසංඛ්‍ය වූ මානව නාම රූපයන් වැළලී ඇති හා මතුවටත් වැළලෙන මේ මහ පොළෝ තලය මත, මා හා සම නමින් හා රුවින් යුතු දහස් ගණන් ජීවීන් පය ගසා සිටීමට ඇති සම්භාවිතාව නිසාය. තව ද, මම මෙවන් සමාජ පසුබිමක් ඇති, මෙවන් අත්දැකීම් හා හැකියාවන් සහිත පුද්ගලයකු යැයි හඳුන්වා දීම ඊටත් වඩා අර්ථ ශුන්‍ය වනු ඇත. මක් නිසාද යත්, ජාති-ආගම්-සමාජ පසුබිම් ආදියෙන් ස්වායත්තව මෙලොව වසන සියලු ජනයා මූලික වශයෙන් එකම ජීවන චක්‍රයකට හසු වන හෙයිනි.

මම කුඩා දරුවනට මහත් සේ ඇළුම් කරන්නෙක්මි. ඒ කුඩා දරුවන් ජීවමාන දෙවියන් හා සම හෙයිනි. බාහිර පරිසරයෙන් නොකෙලෙසෙන තාක් කල් ඔවුන් මනස පිවිතුරු හෙයිනි. ආශාවන්ගෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් තොර වන හෙයිනි. නමුදු මෙලොව තුළ රඳා පැවැත්ම උදෙසා යම් අයුරකින් කෙලෙසීමකට ලක් විය යුතු බව පිළිගත යුත්තකි. මෙලොවට බිහිවන, හදවතක් ගැබ් වූ මස් වැදැල්ලක් තුළ සොබා දහම විසින් ආශාවේ අංශු මාත්‍රයක් සඟවයි. ඉන් නොසන්සුන් වන බිළිඳා වැළපෙයි. තම ප්‍රථම භෞතීය ආශාව වන මවුකිරි ඉල්ලා වැළපෙයි. රුහිරු පුරා දිවෙන අසීමිත කරුණාවෙන් මව තම දරුවා පෝෂණය කරයි. ආශාවන් ගැබ් කරයි. ජීවිතයට පණ පොවයි. මෙසේ දෙමාපිය ආශාවන් උරා ගනිමින් ගොඩනැගෙන බිළිඳූන් මම දැක ඇත්තෙමි. ඔබ ද දැක ඇතුවාට සැක නැත. නමුදු කිසිම දිනෙක නිරීක්ෂණය කොට ඇත්ද ඔබ, බහ තෝරන වියේ දරුවන් තමා හඳුන්වන'යුරු!
"අම්මි, බබාට දොයිමතයි අම්මි"
ආදී වශයෙන් ප්‍රථම පුරුෂෙයන් ඔවුහු තමා හඳුන්වති. මෙසේ තමාගෙන් බැහැරව තමා හඳුන්වනු ලබන්නේ, මම යන සංකල්පයට නිරාවරණය වීමට තරම් ඔවුන් ලාබාල වැඩි නිසා මුත්, එහි සැඟවුණු සොඳුරු නිර්මල බව මහදට පසන් හැඟුමක් එක් කරයි.

මිනිසා තම ආකල්ප මත පදනම්ව ඇගයීම් කරයි. ආකල්ප යනු, තමා විසින් නිවැරදි යැයි සලකා එල්බ ගත් සම්මතයන් සමූහයකි. යම් කිසිවෙකුගේ ඇගයීම් පද්ධතියෙහි හෝ ආකල්පයන්හි මූලාරම්භය කොතැනකද? මම මගේ මුල සොයමි. කුඩා කල ඇතැම් විට සාරය-අසාරය අතර මා වික්ෂිප්ත වූ බව මට මතකය. එහෙයින් මම විශ්වාසනීය දර්ශකයක් අනුගමනය කළෙමි. ඒ මගේ තාත්තාය. තාත්තාට යමක් හරිද, ඒ මට හරිය. තාත්තාට යමක් වැරදිද, ඒ මට වැරදිය. මගේ සම්මතය එය විය. ආකල්ප ගොඩනැගීමේ මෙම ක්‍රමවේදය හේතු කොට ගෙන මා හාස්‍යයට ලක් වූ වාර එමටය. එනමුදු, කවුරුන් කෙසේ කීවත්,කවුරුන් පිළිගත්තත් නොපිළිගත්තත්, සියල්ලන්ගේ මූලාරම්භය ඊට සමාන යැයි මම විශ්වාස කරමි. මෙලෙස ගොඩනගා ගන්නා ආකල්ප මත විකාශනය වන මිනිසා තමා වෙත වටිනාකමක් ආරෝපණය කරගනිමින්, තමා අනුනට වඩා වෙසෙස් පුද්ගලයකු යැයි ප්‍රදර්ශනය කිරීමට දරන තැත කෙතරම් පුහු ආකල්පයක් දැයි විටෙක මට හැඟේ.

මෙලොව, මමය මාගේය කියා ආත්මීය කොට ගත හැකි කිසිවක් නොමැති යැයි තථාගතයන් වහන්සේ වදාළහ. එහි අරුත සපුරා වටහා ගැනීමට මා අපොහොසත් වුව ද, මා හා සබැඳි බොහෝ දේ මගේ පාලනයෙන් තොර බව මට හැඟී ඇත. මම යන පුද්ගලයා නිර්වචනය කිරීමට හෝ අන්‍යයන්ට හඳුන්වා දීමට මා අපොහොසත් බව මට හැඟී ඇත. මා හඳුනාගත නොහැකි ලොවක මා මංමුලා වී ඇති බව මට හැඟී ඇත.